අද තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය බවට පත්ව ඇති මහා වෘක්ෂයේ ආරම්භය තඹුත්තේගම ගාමිණී මහා විදුහලයි.මෙම පාසල අනුරාධපුර දිස්ත්‍රිකයේ ඉපැරිණි පාඨශාලා වලින් එකකි.ජනවහර අනුව 1880-1890 කාලවලදී සිට මෙම පාසල පැවතගෙන ආ බව කියැවේ.චිංගීස් අයිත්මාතව් ගේ ගුරුගීතයේ දුයිෂෙන් වැනි අයෙක් ළමයින් කිහිප දෙනෙකු එකතු කරගෙන පොල් අතු මඬුවක මෙය ආරම්භ කර ඇති බව පැවසේ.මෙය මුල් කාලයේ දී තඹුත්තේගම ගම මධ්‍යයේ තිබී.අවුරුදු 2 කට පසුව කුරුණෑගල මාර්ගය අසල ඉදිකර ඇත.නමුත් මේ පිළිබදව ලිඛිත සාක්ෂි හමු වී නැති අතර පාසල පිළිබඳ තොරතුරු සෙවීමේ දී 1918 මෙපිට ලොග් සටහන් අපේ පාසල් ඉතිහාසය පිළිබද සාක්ෂි සපයා දෙයි.1918.03.11 දින සිට ගාමිණී මහා විද්‍යාලය ආරම්භ කර ඇති අතර ඒ මුල් කාලයේ දී ස්වභාෂා පිරිමි පාසල ලෙස හදුන්වා දී ඇත.එවකට පිරිමි දරුවන් පමණක් මෙහි ඉගෙනීමට පැමිණ ඇති බැවින් මෙසේ ව්‍යවහාර වි තිබේ.පසුව ආණ්ඩුවේ සිංහල මිශ්‍ර‍ පාසල විය.ආරම්භයේ දී මුල්ගුරුතුමා ලෙස එච්.එම්.වන්නිනායක මහතා කටයුතු කර ඇති අතර ඉගෙනුම් කටයුතු සදහා සිසුන් 46ක් පමණ පැමිණ තිබේ.මුල්ගුරුතුමාට අමතරව ඒ.ඩි.බණ්ඩා ශිෂ්‍ය ගුරු මහතා ද සේවය කර ඇත.එප්පාවල කෝරාල දින තුනෙන් තුනට පැමිණ පාසල පරීක්ෂා කර බලා තිබේ.

පාසලට නොපැමිණෙන ළමයින්ට විරුද්ධව නඩු පැවරීම ඔහුගේ කාර්ය වී ඇත. මේ කාලයේ දී ඉගෙනීහ සදහා නිර්දේශ කර තිබූ විෂයයන් අතර කියවීම,ලිවීම හා කියවන විට ලිවීම , ගණිතය , භාෂාව සහ වාක්‍ය රචනා , ග්‍ර‍න්ථ , භූගෝල ශාස්ත්‍රය‍,කථාන්තරය , ගොවි කර්මාන්තය , ස්වස්ථතාව , ඇදීම , මැහුම් යනාදිය වැදගත් වන අතර ඒ පිළිබද අවධානය යොමු කරන විට පෙනී යන්නේ පොතපතට සීමා නොවී ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල අත්දැකීම් ලබා දෙමින් සිසු හැකියා වර්ධනය කර සාර්ථක අධ්‍යාපනයක් මෙම විදුපියසින් සිසුන්ට දායාද කළ බවයි.එදා මෙදාතුරු පාසලට පැමිණි මුල් ගුරුතුමන්ලා , ගුරුභවතුන් හා අධ්‍යාපන බලධාරින් පාසලට විශාල සේවාවක් හා කැපවීමක් කර ඇති අතර එකල පැවති මැලේරියාව,සෙම්ප්‍ර‍තිශ්‍යාව,වසූරිය,කොකුපණු රෝගය වැනි වසංගත රෝගවලට මුහුණ දෙමින් අධ්‍යාපනයේ දියුණුවට මහගු මෙහෙයක් කරන ලද බව සදහන් කළ හැකිය. 1930.04.30 දින සිට සමරතුංග මුල් ගුරුතුමා කටයුතු කර ඇත.මෙතුමාගේ කාලයේ පාසල සදහා ප්‍ර‍ථම ස්ථිර ගොඩනැගිල්ල ඉදි වී ඇත.

මෙම ගොඩනැගිල්ල අද වුවද දක්නට තිබීම තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේ සුවිශේෂි ලක්ෂණයකි.1931.06.01 දින සිට එච්.ඩි.අගෝරිස් මුල් ගුරුතුමා පැමිණ ඇත.මේ කාලයේ ක්‍රීඩාව අතින් දස්කම් දක්වන පිරිසක් මෙම විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු සිදු කර ඇත. 1933.11.26 මෙදින ගාලදිවුල්වැවේ ශිෂයයින් හා ගුරු පිරිස පැමිණ පාඨශාලාවේ ශිෂ්‍යයින් සමග තරග ක්‍රීඩා පවත්වන ලදී.උසින් පැනීම හා ගුඩු පැනීම යන ක්‍රීඩාවලින් ගාලදිවුල්වැවේ ශිෂ්‍යයින් ද දිවීම හා කඹ ඇදීම යන ක්‍රීඩාවලින් මේ පාඨශාලාවේ ශිෂ්‍යයින් ද ජය ගන්නා ලදී. පාසලේ මුල්ම ගුරුවරිය ලෙස එච්.පි.ඥානවතී මියගේ නම සදහන් වේ.1937.10.04 ටී.බී.අභයකෝන් මුල්ගුරුතුමා පාසලේ කටයුතු කර තිබේ.මේ වකවානුවේ පාසලේ දිවා ආහාරය ලබාදුන් බවට සාධක ඇත.

1939.12.31 දින අභයකෝන් මුල් ගුරුතුමා පාසලෙන් සමුගෙන ඇත.1943.11.01 දක්වා ඩබ්ලිව්.ටී.බණ්ඩා උපගුරුතුමා වැඩ බලා ඇත.1943.11.01 දින යු.බි.නවරත්න මුල්ගුරුතුමා පත්ව එයි.මෙම අවධියේ දී පාසලේ ප්‍රථම ජයග්‍රහණය වාර්ථා වී ඇත.1943 දුෂ්කර පළාත්වල සිසුන්ට ශිෂ්‍යත්ව ලැබ පළාත්බද මධ්‍ය විද්‍යාලවලට ඇතුළත් වීමේ වරම් හිමිකර දී ඇත.මේ සදහා පළමු අවස්ථාව හිමිකර ගත්තේ දෙමටවැව ඒ.රන්මැණිකා ශිෂ්‍යාවත්,තඹුත්තේගම කේ.බී.අප්පුහාමි ශිෂ්‍යය‌ාත්ය.1944.09.01 දින සිට එච්.එම්.මුදලිහාමි මුල්ගුරුතුමා ද 1946.09.10 දින මුණසිංහ මුල්ගුරුතුමා වෙනුවට ඩි.පී.කුමාරසිංහ මුල්ගුරුතුමා වැඩ භාරගෙන ඇත.පාසලේ සිසුන් මේ කාලය වන විට 67කි.

1947.03.02 එච්.එම්.තිඹිරිවැව මුල් ගුරුතුමා පත්ව එයි.මුල්ම ඉංග්‍රීසි උපගුරුවරයා ලෙස ඩබ්ලිව්.අයි.පෙරේරා මහතා සදහන් වේ.1949.07.01 දින සිට ධර්මවර්ධන මුල්ගුරුතුමා ද ඉන්පසු ඩබ්ලිව්.පී.සමරසිංහ මුල්ගුරුතුමා ද වැඩ භාරගෙන ඇත.මේ යුගය පාසලේ ස්වර්ණමය යුගය ලෙස හදුන්වා දී ඇත. සමරසිංහ යුගයේ දී පාඨශාලාව ශිඝ්‍ර දියුණුවක් ලබා ඇත.පාඨශාලාව මහා විද්‍යාලයක් බවට උසස් වී ඇත.ඒ අනුව 1961.01.01 වන දින සිට තඹුත්තේගම ගාමිණි මහා විද්‍යාලය බිහි විය.අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගවලට සිසුන් ඉදිරිපත්වීම , උසස් ප්‍රථිපල පෙන්වීම , පුහුණු ගුරුභවතුන් ගුරුමණ්ඩලයට එක් වීම ,අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් ද වැඩි දියුණු වෙමින් පාසල ඉදිරියට ඇදී ගියේය.මේ කාලයේදී නිවාසාන්තර ක්‍රීඩා ප්‍රදර්ශන පවත්වා ඇත.ක්‍රීඩා අංශයෙන් දිස්ත්‍රික් ජයග්‍රහණ ලබාගෙන උතුරුමැද පළමු තැනට පත්වී සමස්ත ලංකා මට්ටම දක්වා ගොස් ජයකොඩි ලෙළ දෙවන්නට සිසුන් සමතුන් වී ඇත.මේ කාලයේ දැමු අඩිතාලම මත පසුකාලීනව විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ දී උපාධිධාරින් සැලකිය යුතු පිරිසක් අප පාසලෙන් බිහිවී ඇත.

සමරසිංහ මුල්ගුරුතුමා අවුරුදු 11 ක කාලයක් සේවය කර පාසලෙන් සමුගන්නේ ඩි.එස්.පි.සි.ප්‍රේමචන්ද්‍ර ගුරුතුමාට වැඩ භාරදීමෙන්ය.මීලගට එළඹියේ ජයවර්ධන යුගයෙන් පසුව ජයසුමන මුල් ගුරුතුමන්ගේ යුගය ය.පාසල් පරිපාලනයෙන් කඩා වැටුණු යුගයක් ලෙස මෙම යුගය හැදින්වීමට පුළුවන.එච්.ජී.ජයසුමන මහතා ශ්‍රාස්ත්‍රපති උපාධිධාරියෙකි.දේශපාලන දඩුවම් මාරුවක් මත ස්ථාන මාරුවක් ලැබීම නිසාදෝ කිසියම් කලකිරිමකින් සේවය කර ඇත.1977 දී උසස් පෙළ පන්ති සම්පූර්ණයෙන්ම ඉවත්ව විදුහල කණිටු විදුහලක තත්වයට පත්ව ඇත.මෙම මුල්ගුරුතුමා පසුව 1984.11.26 / 1986.07.16 ආරම්භ වන්නේ අමරසිංහ වාසල යුගයයි.පුහුණු ගුරුවරයෙකු වූ එතුමා අප පාසල් මාතාවගෙන්ම බිහි වූ දරුවෙකි.නැවත 1978 වන විට අ.පො.ස (උ/පෙළ)පන්ති ආරම්භ කර තිබේ.වාණිජ විෂය ධාරාව පණ ගැන්වීය.දුර්වලව තිබූ ගණිත අංශය ද ගුරු සහයෝගයෙන් යළි පණ ගැන්වීය. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සුවිශේෂ ව්‍යාපෘතියක් ලෙස තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය 1984.11.26 දින සුභ මොහ‌ොතින් ගාමිණි මහා විද්‍යාලයෙන් වෙන්ව නගරාසන්න නිහඩ පරිසරයක ආරම්භ කරන ලදී.එවකට කලාවැව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමති ඒ.එම්.එස්.අධිකාරි මහතා විය.

WhatsApp Image 2024 03 14 at 09 38 38 683x1024
WhatsApp Image 2024 03 14 at 09 38 39 666x1024
WhatsApp Image 2024 03 14 at 09 38 39 1 643x1024
WhatsApp Image 2024 03 14 at 09 38 40 660x1024
Slide1 2 e1710381122552 1024x330
Slide2 3 1024x576
Slide3 2 1024x576
Slide4 1 1024x576